Thursday, April 28, 2011

මුස්ලිම් පාරාදිසියේ සුන්දරිය සහ බර්කාව


බර්කාව

අවිද්‍යාවේ සරදම ෆර්දාවෙන් වසාගෙන
සිනාසුනා නෙතගින් ෆාතිමාවක්

එකම සෝපානයේ එකට ඉහලටයන්ඩ
ඇය කිසිවෙක්ට නොපෙනෙන්ඩ
ඉක්මනින් දොර වසා
තුන්වන මහල ඇය තේරුව්ට
මගේ අංකය පහ විය සකිසඳ
ජිවිතේ ව්ඩාවෙන් පරණවු සෝපානය
වේගයෙන් කැගසා
ඉහලයන අතරතුර
වචනයක් මුමුනන්ඩ
බැරිවුනා හිතගොඵව
1,2, පසුකර තුන්වන මහල අතලගය

විඩාබරවෙගයෙන් නැවතුනා ජිවිතේ
සෝපානයේ දොර ඇය විවරකල සඳ
පානගයි ඇය, මාදෙසින් ඉවතට...
එනමුදු ඇය මොහොතකට
ලෝකයම නතරකර
ආපසු හැරී මා දෙසට
විවරවු දොර සියතින් හොවාගෙන
රුදුරු කඵ සඵපට මෘදු ඇගිලි තුඩගින්
සියුම්ලෙස ඉවතලා
නග්නමුවකමල මත මා දැස රන්දවා
සිනාසුනා අවිහිංසක
ෆාතිමාවක්